පොල් විකිණිය හැකි උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක්

පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වට ප්‍රමාණය අනුව පොල්ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කර ඇති එම ගැසට් නිවේදනය අද සිට බලපැවැත්වේ. ඒ අනුව පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් පහත දැක්වේ.

වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් රුපියල් 70යි.

වට ප්‍රමාණය අඟල් 12-13 අතර වන පොල් ගෙඩියක් රුපියල් 65යි.

වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60යි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 20(5) වගන්තිය මගින් සලසා ඇති විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකරමින් කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්ඳෙකු විසින් එම මිලට වඩා පොල් අලෙවි කිරීම, අලෙවිය වෙනුවෙන් තැබීම හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම අධිකාරිය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *