පොඩ්ඩාගෙන් හෙළිවන හරක් කටාගේ සැලසුම

හරක් කටාට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංජීව කුමාර නොහොත් පොඩ්ඩා නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ජංගම දුරකතන 4ක් හා සිම්පත් 2ක් සොයාගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ සැකකරු නවාතැන්ගෙන සිටි නිවසේ තිබියදී මෙම භාණ්ඩ සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ සැකකරු විසින් අදාළ දුරකථන හරහා මිදිගම රුවන් සමග සබඳතා පවත්වා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *