පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ මිනුවන්ගොඩ පත්තදූවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා (27) පස්වරුවේ පස්වරු 2 ට සිදු කෙරේ.

පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් අපවත් වන විට 73 වැනි වියේ පසුවිය.

අනුනායක හිමියන්ගේ ශ්‍රී දේහය මිනුවන්ගොඩ පත්තදූවන බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ජාපලවත්ත ක්‍රීඩා පිටියට මහා පෙරහැරකින් වැඩම කරවීමෙන් පසු ආදාහන පූජෝත්සවය සිදුකිරීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *