පුහුණුවීම් අතරතුර වන අලි ප්‍රහාරයකින් සෙබළෙකු මරුට…

අරලගංවිල, වාලමණ්ඩිය වනාන්තර ප්‍රදේශයේ යුද හමුදා කණ්ඩායමක් ඊයේ පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව සෙබළෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පැවසුවේ, මියගොස් ඇත්තේ මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි 19 හැවිරිදි ආධුනික සෙබළෙකු බවයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ අඹගස්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *