පුරන් කුඹූරුවල වෙනත් වගාවන් කිරිමට අවසරදිම සදහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජලය ලබාගැනිමේ අපහසුතාවය මත නිශ්චිතවම වගාකළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරිමට අවසර හිමිව තිබේ.
නව චක්‍රලේඛයට අනුව කන්න 10ක් පමණ වගා කර නොමැති පුරන් කුඹුරුවලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව ඕනෑම අතුරු බෝගයක් වගාකිරිමට අවසර හිමිවන අතර පුරන් කුඹුරුවල ගම්මිරිස්, මඤ්ඤේක්කා ආදිය වගා කිරීමටත් ජලජ මල් වර්ග, සත්ව පාලනය, මිරිදිය මත්ස්‍ය වගාව, ගව කොටු, හරිතාගාර වැනි දේ ආරම්භ කිරිමට අවශකාස හිමිව තිබේ.
කෙසේවෙත් අදාල ඉඩම්වල පස් පිරවිමට අවසර නොදෙන අතර රබර් පොල් වැනි ස්ථීර බෝග වගාකිරිමට ද අවසර නොලැබෙන බව නව චක්‍රලේඛය පෙන්වා දෙයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සියලුම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරු , ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරින් සහ කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන්ගෙන් ලබාගත හැකි වෙයි.