නායකත්වයෙන් ඉවත් කළොත් මාලිංගට කණ්ඩායමේ ස්ථානයකුත් නෑ

ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගව කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට මෙතෙක් කිසිවක් සාකච්ඡා වී නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවසීය.

පන්දුවාර 20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් මාලිංග ඉවත් කර දසුන් ශානකට එය ලබාදෙන බවට මේ වනවිට පැතිර යන රාවය සම්බන්ධයෙන් – අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

දසුන් ශානක සම්බන්ධයෙන් අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා ‘ඇත්තටම දසුනුත් අපි අපේක්ෂා කරන දක්ෂතා මට්ටමේ මේ වෙද්දී නෑ. යම් ලෙසකින් දසුන් අපි අපේක්ෂා කරන දක්ෂතා අතරට ආවොත් අපි ඔහු ගැන සලකා බලනවා. ඒ වගේම කිසියම් හේතුවකින් මාලිංග නායකත්වයෙන් ඉවත් කළහොත් ඔහුව කණ්ඩායමට ස්ථානයක් ලබාදීමේ ගැටලුවක් තියෙනවා‘ යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *