ප්‍රජා පාදක නිවැරදි කිරීම් (Community Based Corrections) සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇත.
පුනරාවර්තන වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි 1999 අංක 46 දරන ප්‍රජා පාදක නිවැරදි කිරීම් පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 2025 අප්‍රේල් 7 වැනිදා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
එම අනුමැතියෙන් අනතුරුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලබාගෙන ඇත.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති අතර, එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව මග විවර වී තිබේ.


