මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී ඊයේ (25) රාත්රියේදී පුද්ගලයකු ඝාතනය කර තිබේ. තියුණු ආයුධවලින් පහරදී මෙලෙස ඝාතනය වී ඇත්තේ මීටියාගොඩ පදිංචි 26 හැවිරිදි අයෙක්.
පහරදීම සිදුකළ පුද්ගලයින් විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ එක් අතක් කපාගෙන ගොස් මීටියාගොඩ හතරමංහන්දිය ප්රදේශයේ දමාගොස් තිබියදී සොයාගත් බව මීටියාගොඩ පොලීසිය සඳහන් කරයි.
ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.