පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට එම කාර්යාලවල සේවාවන් ආරම්භ කෙරේ.
එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ.
නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා මේ බව දැනුම් දී තිබේ.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතුය.
එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර, අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් කඩිනමින් යොමුකිරීමට නියමිතය.
ඉහත පරිදි භාර දෙනු ලබන අයදුම්පත් සඳහා හෝ කලින් භාරදෙන ලද අයදුම්පත් සඳහා ඉතා හදිසි අවශ්‍යතාවයන් මත, ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම අයදුම්කරුවන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ගාල්ල පළාත් කාර්යාලයට පැමිණීම සඳහා සතියේ වැඩකරන දිනයන් හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය මඟින් හෝ පහත දුරකථන අංක මඟින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතුය.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය – 0115 226 126 / 0115 226 100
දකුණු පළාත් කාර්යාලය – 0912 228 348
වයඹ පළාත කාර්යාලය – 0372 224 337
උතුරු පළාත් කාර්යාලය – 0242 227 201
නැගෙනහිර පළාත් කාර්යාලය – 0652 229 449