පුත්තලමේ නිල් තල්මසුන් මැරීම සම්බන්ධව පරීක්ෂණයක් පවැත්වීමට පියවර…

පුත්තලම ප්‍රදේශයේදී නිල් තල්මසුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පතේ පළ වූ වාර්තාව හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පොළඹවා ඇත.

ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සභාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් කියා සිටියේ ඒ පිළිබඳව ප්‍රමාදයකින් තොරව සොයා බලන බවයි.

“මෙය සමුද්‍ර දූෂණය වැලැක්වීමේ ආයතන යටතට එන බැවින් මෙම කාරණය මගේ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවේ, කෙසේ වෙතත් තල්මසුන් ඝාතනයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි අපි බලමු,” ඔහු පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ ඩොල්ෆින් සහ තල්මසුන් ඝාතනය කිරීම සඳහා විවිධ පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව මාධ්‍යවල වාර්තා පළ වුණා. මෙය බරපතල පාරිසරික ගැටලුවක් නිර්මාණය කරයි ඩේලි මිරර් පවා මේ සම්බන්ධයෙන් මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ කළේය. මම ඒ ගැන ඩේලි මිරර් පුවත්පතට ස්තූතිවන්ත වෙනවා. මෙම පියවරට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්දැයි දැන ගැනීමට අපි කැමතියි,” ගුණවර්ධන පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *