ඇල්ෆටොක්සීන් නමැති ප්රබල පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොග සියල්ලම වහාම කි්රයාත්මක වන පරිදි ප්රති අපනයනය කිරීමට පියවර ගන්නා බව රේගු අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිපි්රය මහතා සඳහන් කර සිටියි. එමෙන්ම අදාළ පොල්තෙල් තොග ප්රති අපනයනය කිරීමේදී ඊට අදාළ සියලූ වියදම් එම පොල්තෙල් මෙරටට ගෙන්වනු ලැබූ සමාගම් සම්පූර්ණයෙන්ම දැරිය යුතු බවයි රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටින්නේ.
බහාලූම් දහතුනක අසුරා තිබූ පිළිකා කාරක සහිත පොල්තෙල් කිලෝ ග්රෑම් 183,000ක් ආනයනය කර තිබුණේ මෙරට සමාගම් හතරක් විසිනි. එම පොල්තෙල් තොගවල ඇල්ෆටොක්සීන් නමැති පිළිකා කාරකය අධික මාත්රාවක් අන්තර්ගත බවටයි අදාළ සාම්පල් යොදාගෙන කරන ලද පරීක්ෂණයේදී ඊයේ (29) දහවල් යළිත් තහවුරු වී ඇත්තේ. මෙම පරීක්ෂණ කටයුතු ශී්ර ලංකා ප්රමිති කාර්යාංශය විසින් සිදු කර තිබුණි.