පැල්මඩුල්ල නගරෙය් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කර තිබූ රැළියකට සහභාගී වූ ආධාරකරුවන් පිරිසකට පහරදීමක් සිදුව ඇතැයි වාර්තාවේ.
ඊයේ පස්වරුවේ මෙම පහරදිම සිදුව ඇති බව පැල්මඩුල්ල පොලීසිය සඳහන් කරයි.
පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්රතිකාර සඳහා රත්නපුර සහ ඇහැලියගොඩ රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇත.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පැල්මඩුල්ල ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.