ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවයි.
දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවකට සූදානම් වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් ඌෂ්මක තෙල් ඇත්තේ දින 22කට පමණක් බවත් ඔහු පවසයි.
ඒ අනුව දින තුනකට පසු විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට ලංවිමට සිදුවනු ඇති බවත් එසේ නොවුනහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වන බවත් ඔහු පැවසීය.
එන ජලය මූලික වශයෙන් කෘෂිකාර්මික, පානීය හා පාරිසරික අරමුණු සඳහා කළමනාකරණය කිරීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා ජලාශවල ජලය භාවිතා කිරීම සීමා කර ඇත.
අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු කිරීම හේතුවෙන් බිඳවැටීම් සිදුවුවහොත් විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.