පාසල් ආරම්භවී ඇතත් දිස්ත්‍රික්ක හා පළාත් අතර ගමනාගමනය හැකිතාක් අවම කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
අමාත්‍යංශය පෙන්වා දෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල පිහිටා තිබුනත්, ලගම ඇති පාසලට යොමු වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් පවතින බවයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ රටෙහි පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ කලාප අධ්‍යක්ෂකවරයාගේ අවසර ඇතිව ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද මෙම අවස්ථාව හිමි වන බවත්, ඒ අනුව සිසුන්ට සහ ගුරුවරුන්ට ළගම ඇති පාසල හා සම්බන්ධවී ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇති බවත්ය.