පාසැල් නිවාඩු වුණත් තැපැල් ජන්දය පවතින පාසැල් විවෘත කරන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

සෞඛ්‍ය අංශ වල මෙන්ම ආරක්ෂක අංශවලද මාර්ගෝපදේශයන් පිළිපදිමින් පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම උදෙසා හෙට (13) සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.

මෙම කාල සීමාවේ දිවයින තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව සලකා බලමින් පාසැල් යළි වසා දැමුවද තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙසට භාවිතා කරනු ලබන පාසල් අදාළ දිනවලදී විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *