පාස්කු වින්දිතයන්ට ලැබුණු ආධාර කෝටි 50ක් බෙදා අවසන්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙන් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර  රුපියල් මිලියන 500 ක් පමණ මේ වන විට ඔවුන් වෙනුවෙන් වියදමිකර ඇතැයි කොළඹ අගරද ගුරු පදවි ජන සංවේදන අධ්‍යක්ෂක ජූඩ් කිෂාන්ත  පියතුමෝ පැවසූහ

උන්වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) දිනයේ කාදිනල් හිමියන්ට පාස්කු ප්‍රහාරයට අදාළව නැගූ චෝදනාවකට පිළිතුරු වශයෙනි

තවදුරටත් අදහස් දැක්වූ ජන සන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා කියා සිටියේ මේ වන විට දේශපාලන වශයෙන් මෛත්‍රී පාල සිරිසේන මහතා ඉතාමත් බංකොලොත් භාවයකට පත්වි ඇති පුද්ගලයෙක් බැවින් ඒ තත්ත්වය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන බවය

මෙම මාධ්‍ය හමුවේ කොළඹ අග රද ගුරු මැදුරේදී පැවැත්විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *