පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කතෝලික රදගුරු සංගමය විසින් අධ්‍යයනය කිරීමෙන් පසු ව ඒ පිළිබඳ එම සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු එම වාර්තාවේ සියලු ලියකියවිලි පසුගිය අප්‍රේල් මස 20 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික රදගුරු සංගමයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන් වෙත බාර දී ඇති බව සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් හැරල්ඩ් ඇන්තනී හිමි සමඟ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ (05) දුරකථනයෙන් සාකච්ඡා කර ඇති අතර, එහි දී රදගුරු හිමි ප්‍රකාශ කර ඇත්තේ, එම වාර්තාව තමා ද අධ්‍යයනය කරමින් සිටින බවයි.
ඒ අනුව, වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට එකඟ වීමේ හැකියාවක් නොමැති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා වෙනත් නීතියක, ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා ද විශ්‍රාමික ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.