පාසල් ළමුන් ප්‍රවාහන සිදුකරන රථ නියාමනයට ක්‍රමවේදයක් සකසන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති වීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය වෑන් සහ බස් රථ හිමියන් හිතුමතේට ගාස්තු අය කරන බවය.
“දැනට පාසල් බස් රථ නියාමනයක් කෙරෙන්නේ නෑ. ජාතික ගමනා ගමන කොමිසමේවත් පළාත් අධිකාරියෙවත් ලියාපදිංචියක් නැතුවයි මේ අය ධාවනය කරන්නේ. නමුත් ඉදිරියේදී අපි ඒ සංගම්වලිනුත් ඉල්ලීමක් තිබෙනවා ඒ අයව යම් නියාමනයකට නතු කරන්න කියලා. ඒ අය ඉදිරියේදී ජාතික ගමනා ගමන කොමිසමේ ලියාපදිංචි කරලා. ඒ අයට පාසල් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ අයගේ ප්‍රමිතිය සහ ගාස්තුව පාලනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ අය අපිට කියලා නෑ කියකින්ද වැඩිකරන්නේ කියලා. මේ ඉන්ධන ගාස්තුව ඒ අයටත් බලපානවා. පාසල් නොගියත් ගාස්තු අය කරන සහ නිවාඩු දිනයන් වලටත් ගාස්තු අය කරන වගේ ප්‍රශ්න තියෙනවා. ලංගම හරහා සිසු සැරියට අමතරව පාසල් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සහනදායි මිලට ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මේ වසරේ මුල් කාර්තුවේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”