පාසල් හා පෙර පාසල් වල වහලයට ඇස්බැස්ටස් සෙවිලි තහඩු භාවිතය තහනම්

2021 වර්ෂයේ සිට අලූතෙන් ඉදිකරන පාසල් හා පෙර පාසල් ගොඩනැගිලි වල වහලය සදහා ඇස්බැස්ටස් සෙවිලි තහඩු යොදා ගැනීම තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඇස්බැස්ටස් සෙවිලි තහඩු පිළිකා කාරකයක් බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇති අතර, විශේෂයෙන්ම පෙනහලූ ආශ‍්‍රිත පිළිකාවලට හේතු වන මෙම සෙවිලි තහඩු භාවිතය තහනම් කිරීමට වරින්වර අවධානය යොමු කළද ඒ වෙනුවට භාවිතා කළ හැකි විකල්යක් නොවූ නිසා එම පියවර අසාර්ථක විය.

මෙම තත්වය මත පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උළු කර්මාන්තකරුවන් සමග කළ සාකච්ඡාවේදී ඔවුන් කියා සිටියේ අවශ්‍ය තරම් උළු සැපයීමේ හැකියාව තමන්ට හැකියාව ඇති බවයි. ඒ අනුව 2021 වර්ෂයේ සිට පෙරපාසල් හා නව පාසල් ගොඩනැගිලිවල වහල සෙවිලි කිරීමට ඇස්බැස්ටස් යොදා ගැනීම තහනම් කිරීමට යෝජිත අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *