පාසල් වෑන් රථ සදහා ලීසිං සහනය යළිත්

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් වෑන් රථ කර්මාන්තය මුහුණපා ඇති දැඩි අර්බුදයට විසදුමක් ලෙස පාසල් වෑන් රථ හිමිකරුවන් වෙනුවෙන් ලීසිං සහනය යළිත් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය පවසන්නේ පාසැල් වෑන් රථ හිමිකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත්, එසේ වුවත් මෙම අවස්ථාවේදී පාසල් වෑන් රථ භාවිත කරන ළමුන්ගේ මව්පියන්ගෙන් සම්පූර්ණ මුදලක් අයකර ගැනීමට අපේක්ෂා නොකරන බවයි.

මේ පිළිඹදව අවධානය යොමු කළ ප‍්‍රවාහන අමාතය ගාමිණී ලොකුගේ මහතා පවසා සිටින්නේ පාසල් වෑන් රථ හිමිකරුවන්ද මුහුණපා සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි දින කිහිපයේදී යළි ලීසිං සහනයක් ලබාදීමට රජය කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *