පාසල් වෑන් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් දෙමාපියන් සමඟ සාකච්ජා කරන බව සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.

පාසල් වෑන් ගාස්තු වැඩිකිරීමක් සඳහා දෙමාපියන් සමඟ කතාකර බලා පිටත්ව යන ලෙස සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමය (AISVOA) අද සිය සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

පාසල් වෑන් රථ සඳහා නිශ්චිත ගාස්තුවක් ඉල්ලා සිටීමට සංගමයට නොහැකි බව ඔහු පැවසීය.

“පසුගියදා ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දෙමාපියන් ද එදිනෙදා ජීවිතය ගෙනයාමට දැඩි අසීරුතාවකට පත්ව සිටිති. බොහෝ දෙමාපියන් ස්ථාවර මාසික වැටුපකින් ජීවත් වන අතර ඔවුන්ගේ වැටුප් ද වැඩිකර නැත,” ඔහු පැවසීය.

ඒ නිසා අපිට පාසල් වෑන් රථ ගාස්තු වැඩි කරන්න කියලා ඉල්ලන්න බැහැ යැයි ද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත්, දෙමාපියන් සමඟ සාකච්ඡා කර සාධාරණ ගාස්තු වැඩිකිරීමක් සඳහා පැමිණෙන ලෙසට ඒත්තු ගැන්විය හැකි බවද එම සංගමය පවසයි. හදිසියේ ඩීසල් මිල ඉහළ දැමීම නිසා අපට ද සේවාව ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇති බවද ඔවුහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *