පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තුව දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම ඉල්ලා අස්වීම ඊයේ එනම් 2021 නොවැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන බව එම ලිපියේ සඳහන් වේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම දැනුම්දීම කර ඇත.

එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තානාපති රවිනාථ ආර්යවංශ මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා තානාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී සමරසිංහ මහතා භාර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා එතෙර සේවයට එක්වීමෙන් පසු ඔහු ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙසත් 1980 ගණන්වල ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ උපදේශකවරයා ලෙසත් සේවය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *