හෝකන්දර නිවසක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පිපිරී යයි

පන්නිපිටිය, හොක්කන්දර ප්‍රදේශයේ නිවසක අද අලුයම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (25) අලුයම 4.00 ට පමණ ප්‍රදේශවාසීන් නිදා සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් නිවාස පරිශ්‍රයට දැඩි හානි සිදුව තිබේ.

පිපිරීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *