“පාර්ලිමේන්තුව වෙබ් අඩවිය වහලා වැරදි හදාගෙන අරින්න”

පාර්ලිමේන්තු වෙබ් අඩවිය තාවකාලිකව වහලා වැරදි හදාගෙන නැවත අරින්නැයි ඉල්ලීමක් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හර්ෂණ නානායක්කාර මහතා මෙසේද කීය..

ඉස්සර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ කවුද? එතනෝල් ගෙනාවේ කවුද? කුඩු වික්කේ කවුද ආදියයි.ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තබන්න තරම් අප ශක්තිමත් වී තිබෙනවා.ජනතාවගේ ප්‍රශ්න කිරීමේ ශුද්ධ වූ අයිතිය අප පිළිගන්නවා.තමන්ගේ දෑත්වල කිලිටි ගොඩක් තියාගෙන අනුන්ගේ ඇඟට මඩ වීසි කිරීම දුක හිතෙන කාරණාවක්.

දේශපාලනිකව ගොක් කොළ සහ සුදු කොඩි පේන දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන්  විසින් මේ අවලාද කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *