ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලිංගික අපයෝජන සහ හිරිහැර පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කාන්තා සේවිකාවන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
විපතට පත් සේවක සේවිකාවන්ට සිද්ධීන්වලට සම්බන්ධ ඉහළ නිලධාරීන්ගේ බලපෑම් එල්ල වී ඇති බවත්, එවැනි අපයෝජන හෝ පහරදීම් සිදු නොවූ බවට ලිඛිත සහතිකයක් ලබා දීමට ඔවුන්ට බල කර ඇති බවත් විජේරත්න මන්ත්‍රීවරයා පැවසීය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු ඇත්දැයි මෙම වින්දිත සේවක සේවිකාවන්ට සැකයක් පවතින බව පැවසූ මන්ත්‍රීවරයා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියේය.