පාර්ලිමේන්තුවට පැමිණෙන පාසල් සිසුන්ට නොමිලේ කිරි වීදුරුවක්…

පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹීම සඳහා පැමිණෙන පාසල් සිසුන්ට කිරි වීදුරුවක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කියා සිටියේ ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කමිටුවේ අනුමැතිය හිමි වූ බවයි.

දිනකට උපරිම ළමුන් 500කට යටත්ව පාසල් සිසුන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට එකඟ වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

08 වැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *