තමා පැදවූ රියට තරුණයකු යට කිරීම හා රියදුරා ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පක රණවක අද(18) පස්වරුවේ අත් අඩංගුවට පත්විය.
සංදීප් සම්පත් නම් තරුණයා යතුරුපැදියකින් ගමන්ගනිද්දී 2016 වසරේදී පාඨලී චම්පක පැදවූ රියක හැපී තිබිණි.
මේ සම්බන්ධයෙන් විමර්ශන පසුගිය රජය සමයේ යට ගසා තිබුණු අතර නව රජය මෙහි විමර්ශන යළි ඇරඹීමත් සමග නීතිපතිවරයාගේ උපදෙස් මත හිටපු ඇමැතිවරයා අත් අඩංගුවට ගෙන ඇත.
2019-12-18