පාඨලීට ජාතික කවුන්සිලයේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අනු කමිටුවේ ප්‍රධානි තනතුර ලබා දෙයි.

ආර්ථික ස්ථාවරත්වයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභාවේ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ අනුකමිටු සභාපතිවරයා ලෙස අද (07) පාර්ලිමේන්තුවේ පැවති එම අනුකමිටුවේ පළමු රැස්වීමේදී තේරී පත් විය.

වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා සභාපති ධූරය සඳහා රණවක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ මනෝ ගනේෂන් සහ නසීර් අහමඩ් යන මන්ත්‍රීවරුන් විසිනි.

තේ වගාව දියුණු කිරීම, කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීම, පොහොර නිෂ්පාදනය, සංචාරක ව්‍යාපාරය, ආදි රටේ අනාගත ආර්ථික සුරක්ෂිතභාවය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කමිටු සාමාජිකයන් අදහස් පළ කළහ.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කර එක් එක් ක්ෂේත්‍රයට අදාළ ආර්ථික සංවර්ධන යෝජනා ඇතුළත් වාර්තාවක් ඔක්තෝබර් 20 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමටද මන්ත්‍රීවරු එකඟ වූහ.

ඒ අනුව විදේශ විනිමය ගැටළු, සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් විශේෂඥයින් මෙන්ම මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද ඔක්තෝබර් 13 වැනි දින කමිටුව හමුවට කැඳවා අදහස් ලබා ගැනීමට සාමාජිකයින් එකඟ විය.

එමෙන්ම ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහන, බලශක්ති යනාදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ අදාළ නිලධාරීන් ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ඔක්තෝබර් 14 වැනි දින කමිටුවට ආරාධනා කිරීමට තීරණය විය.

ආර්ථික ස්ථාවරත්වයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභාවේ මීළඟ රැස්වීම ඔක්තෝබර් 19 වැනිදා පැවැත්වීමට ද මන්ත්‍රීවරු එකඟ වූහ.

අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, එම්. රමේෂ්වරන්, මනෝ ගනේෂන්, ඒ.එල්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *