රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා හමුවේ අවසර ඉල්ලා තිබෙනබව වාර්තා වේ.
සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඔහු මෙම ඉල්ලීම සිදුකළ බව අධිකරණ ආරංචි මාර්ග සදහන් කල අතර අදාළ අනතුර සම්බන්ධයෙන් දිලුම් තුසිත කුමාර නමැත්තා මීට පෙර අත්අඩංගුවට ගැනුණු අතර පසුව රුපියල් දෙලක්ෂ පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.
අදාළ අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ද අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහුව ද ඇප මුදා හැරුණා.