පාචනය, ශ්වසන සහ අක්ෂි රෝග ත්‍රිත්ව තර්ජනයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝග තුනක් පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා පවසන පරිදි අක්ෂි රෝග, පාචනය සහ ස්වසන රෝග, බොහෝ විට අධික ශරීර උෂ්ණත්වය සමඟ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීමේ වැදගත්කම උපුල් රෝහණ මහතා අවධාරණය කළේය.

දිවයින පුරා, විශේෂයෙන්ම අධික වර්ෂාපතනය සහ පසුව ඇති වූ ගංවතුර හේතුවෙන් යට වූ ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *