පාකිස්ථානයේ සියල්කොට් හිදී සිදුවූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ගේ ඝාතනය සම්බන්ධයෙ න් එරට විශේෂ ත්‍රස්ත මර්දන
අධිකරණය මගින් සැකකරුවන් 34 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මේ අතර, ප්‍රියන්ත කුමාර මහතා ගේ ඝාතනයෙන් පසු පුරප්පාඩු වූ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී ධුරය සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙකු පත්කර ඇති බව පාකිස්ථානයේ වාර්තාකරුවෙකු සඳහන් කළා .
පාකිස්ථානයේ-සියලකොට් නුවර රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත සමූහයේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙකු පත්කර ඇති බව රාජ්කෝ සමාගම තහවුරු කළා .
මෙම පත්කිරීම සිදුකර ඇත්තේ පසුගිය 16 වැනිදා සිටයි.
කෙසේ වෙතත් අලුතින් පත්කරන ලද ශ්‍රී ලාංකිකයා ගේ අනන්‍යතාව හෙළි නොකිරීමට රාජ්කෝ ඇඟලුම් කම්හල් කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ ආරක්ෂක හේතූන් මතයි.
මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථානයේ විශේෂ ත්‍රස්ත මර්දන අධිකරණය මඟින් තවත්සැ කකරුවන් 34 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .
ඔවුන් නැවතත් ලබන ජනවාරි 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.
සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ
2021-12-25