ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලිය විසන්ධි වෙමින් පවතින බව වාර්තා වේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද අලුයම යළිත් අක්‍රිය වී ඇති බව වාර්තා වීමත් සමඟ මෙම විදුලිය බිඳ වැටීම වාර්තා වේ.
කාර්මික දෝෂයක් හේතුවෙන් තෙවැනි ජනන යන්ත්‍රය යළි අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලි ජනක යන්ත්‍රය ඊයේ (31) නිවැරදි කළ බව සඳහන් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ, ඉන් අනතුරුව එය ජාතික විදුලිබල පද්ධතියට එක් කළ නමුත් මේ වන විට එය අක්‍රිය කර ඇති බවයි.
මෙම අක්‍රියතාව හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක විදුලිබලයක් අහිමි වී ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.
මේ අතර නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් විදුලිය විසන්ධි විය හැකි බවටද ලංවිම ආරංචි මාර්ග අනතුරු අඟවා සිටියා.