කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ හුදෙකලා කර තිබූ බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10ක්ද අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ නිවේදනය නිකුත් කිරීමට නියමිත බවත්ය.