“ප්‍රාථමික පාසල් දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට පෝෂණීය ආහාර වේලක්”ලබාදීමට සැලැස්මක්…

රුපියල් මිලියන 100ක් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් බිලියන 1.8ක් වෙන්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම මුදල් පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහායි.

කොවිඩ් 19 වසංගතය මේ වන විට පාලනය වී ඇති බැවින් සෞඛ්‍ය අවශ්‍යතා සඳහා එම මුදල් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරෙන අතර ලෝක වෙළෙඳපොළේ ඖෂධ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය හමුවේ දේශීය ඖෂධ නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය රේඛාව යටතේ ලබාගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අද (ජුනි 03) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

හොරණ ඔයාමඩුව සහ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ක්ෂේත්‍රයේ ආයෝජකයින් 12 දෙනෙකු සිටිනවා. එම කර්මාන්තශාලාවල නිෂ්පාදනය ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කලාපවල ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව නිලධාරීහු පවසති.

ප්‍රාථමික පාසල් දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට සමෘද්ධි හා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය සඳහා ප්‍රභවයන් කිහිපයකින් මුදල් ලැබේ. යෝජිත අයවැයෙන් ද අවශ්‍ය මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය අනුව ඉදිරි මාස තුන ඇතුළත එය සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවයි එම නිලධාරීන් පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *