අගෝස්තු 21 වනදා වන විට ශ්රී ලංකාවේ ප්රධාන ජලාශවල සමස්ත ඵලදායී ජල ධාරිතාව 35.9%ක් ලෙස සටහන් වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ නවතම දත්ත අනුව වාර්තා වේ.
රට පුරා නිරීක්ෂණයට ලක් කරන ප්රධාන ජලාශ 74ක සමස්ත ඵලදායී ධාරිතාව අක්කර අඩි 1,210,531ක් වන අතර, එයින් අක්කර අඩි 1,067,914ක ජලය ඵලදායී ලෙස ගබඩා වී තිබේ. ජලාශවල සමස්ත දළ ධාරිතාව අක්කර අඩි 3,114,407ක් ලෙස වාර්තා වී ඇත.
දිස්ත්රික් මට්ටමින් වැඩිම ඵලදායී ජල ගබඩා මට්ටම වාර්තා වී ඇත්තේ කුරුණෑගලින් 74.9%ක් ලෙසයි. පුත්තලම 66.2%ක්, මහනුවර 62.3%ක්, මොනරාගල 58.4%ක් සහ ගාල්ල 56.6%ක් ලෙස සටහන් වී තිබේ.
තනි ජලාශ අතරින් කුරුණෑගල දැදුරු ඔය ජලාශයේ ඵලදායී ජල ගබඩාව 94.6%ක් වූ අතර, මඩකලපුවේ වකනේරි ජලාශය 96.2%ක් ලෙස වාර්තා වී තිබේ. බදුල්ලේ අඹේවෙල ජලාශය 100%ක් පිරී තිබූ අතර එහි ජලය පිටාර ගලමින් තිබූ බවද සඳහන් වේ.
අනුරාධපුරයේ රාජාංගණය ජලාශය 85.5%ක්, බදුල්ලේ කන්දේ ඇළ 85.4%ක්, හම්බන්තොට තිස්ස වැව 88%ක් සහ ත්රිකුණාමලයේ වන් ඇළ 96.9%ක් ලෙස ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, ඇතැම් ජලාශවල ජල ගබඩා මට්ටම් ඉතා පහළ මට්ටමක පවතී.
අනුරාධපුරයේ මානන්කට්ටිය ජලාශයේ ඵලදායී ජල ගබඩාව 1.5%ක් පමණක් වන අතර, හම්බන්තොට මුරුතවෙල 1.6%ක්, මොනරාගල ඇතිමලේ 5.4%ක්, අම්පාර රොටිකුලම 8.1%ක් සහ ත්රිකුණාමලය මොරවැව 9.5%ක් ලෙස වාර්තා වී ඇත.
මේ අතර, පෙර දිනදී ඇතැම් ජලාශ ආශ්රිත ප්රදේශවල වර්ෂාපතනයක්ද වාර්තා වී තිබේ. ඇල්ලේවැවට මිලිමීටර් 6ක්, කැකණදුරට මිලිමීටර් 5ක් සහ අඹේවෙලට මිලිමීටර් 3ක් වර්ෂාපතනය ලැබී ඇති බව දත්තවල සඳහන් වේ.


