ප්‍රදේශ කීපයකට අදත් තරමක තද වැසි

උතුරු ,නැගෙනහිර සහ ඌව පළාත්වලත්,මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ.

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට ,මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං  ඇති විය හැකියි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැති ය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *