මහනුවර අලි කුලප්පුවක්

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය සඳහා පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් බූවැලිකඩ ප්‍රදේශයේදී නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබේ.

එම පෙරහරේ ගමන් කරමින් සිටි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ තායිි රාජා පුලතිසි රාජාට පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් එම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගතව තිබේ.

කෙසේ නමුත් පසුව හස්ති පාලකවරුන් විසින් හස්තීන් දෙදෙනා පාලනය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *