පළිබෝධනාශක වර්ග කිහිපයක් ගෙන්වීමට ජනපතිගෙන් අවසර ඉල්ලයි

තෝරාගත් බෝග කිහිපයක් වෙනුවෙන් පළිබෝධනාශක ගෙන්වීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා සිටි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අල සඳහා හැදෙන රෝග තියෙනවා. ළූණු සඳහා හැදෙන ඒවා තියෙනවා. ඒවට අපිට කාබනික වශයෙන් වෙන විසඳුම් නෑ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා අපිට අවස්ථාවක් දෙන්න අපි හඳුනාගත්ත, ආනයනය කරන ලද පළිබෝධනාශක, දිලීර නාශකවලින් ඉතාම සුළු ප්‍රමාණයක් ගෙනල්ලා දෙපාර්තමේන්තුව සතුව තියා ගන්න. අපි උදාහරණයක් විදියට ගත්තොත් නුවරඑළියේ, ඩිපාට්මන්ට් එකේ එ AI මහත්තයා සහතික කරනවා අපි එතැන නිර්දේශය අනුව අපි පළිබෝධනාශකය දෙනවා. එතකොට ඒක ඉනෝගනික් කලාපයක් විදියට අපි නම් කරනවා. මොකද එහෙම නැත්නම් අපිට අපනයනය වෙළෙඳ පොළට එහෙම කරන ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා. ඒ නිසා මේක විවෘත වෙළෙඳපොළට අපි දෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාම පොඩි ප්‍රමාණයක් ගෙනල්ලා අපි ළඟ තියා ගන්න. අපි වසංගතයක් එවැනි දෙයක් ඇති වුණ වෙලාවක භාවිත කිරීම සඳහා තමයි අපි ඒක හදන්නේ. ඒකත් අපි ගෙන්වන්නේ මේ පළිබෝධනාශක, දිලීර නාශක වර්ග 4ක් තියෙනවා තුන හා හතර වර්ගයේ තියෙන දිලීර නාශක හා පළිබෝධනාශක කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමුකරලා තියෙනවා. ඒ පිළිබඳ අපි ලැයිස්තුවක් හදනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *