අලියා

පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් එජාපයේ පිල් මාරුවක්

එක්සත් ජාතික පක‍ෂයේ තවත් පිරිසක් එළඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් සමඟි ජනබලවේගය සමඟ එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. මෙම පිල්මාරුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සූදානමින් සිටින බවටයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.

සමඟි ජනබලවේගයට එක් වීමෙන් අනතුරුව එම පක්ෂය යටතේ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම ඔවුන්ගේ අපේක‍ෂාව වන අතර මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වන විටත් සිදුකර අවසන් බවටත් දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *