පළාත් පාලන මැතිවරණය කල් දැමුවහොත් නීතිමය පියවර ගන්නා බවට ජීඑල් පවසයි.

දැනට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සාහ කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අද රජයට අනතුරු ඇඟවීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු රජයෙන් ඉල්ලා සිටියේ පළාත් සභා මැතිවරණය මෙන් පළාත් පාලන මැතිවරණයද කල් නොදමන ලෙසයි.

අන්තර්වාර ආණ්ඩුව පිහිටුවා ගත්තේ අතුරු කාලයකට බැවින් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ද මහ මැතිවරණයකට යා යුතු බව ඔහු පැවසීය.

“කලින් පොරොන්දු වූ පරිදි අතුරු සම්මත ගිණුම අවසන් වී ඉක්මනින්ම මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට පරමාධිපත්‍ය හිමි වෙනවා. ජනතාවගේ ඡන්ද අයිතිය කාටවත් යටපත් කරන්න බැහැ,” ඔහු පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ හරය වූ ඡුන්දදායකයින් සහ මහජන නියෝජිතයන් අතර සමාජ කොන්ත්‍රාත්තුව දුර්වල වෙමින් හා අවදානමකට ලක්වෙමින් පවතින බව පැවසූ මහාචාර්ය පීරිස් එය ආරක්ෂා කළ යුතු බවද පැවසීය.

ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවන් සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඊට පටහැනි බවත් ඔහු පැවසීය.

“අපි කිසිවිටෙකත් තමන්ට අවශ්‍ය දේ කිරීමට ජනවරමක් අපේක්ෂා නොකළෙමු. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් ජනතාව හමුවේ ඉදිරිපත් කළ අතර එය බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලදී. කෙසේ වෙතත්, අප කී දේ සහ අද කරන දේ ලෝකයෙන් බැහැර ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂාවන් දැන් සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අපට මැදිහත්වීමක් අවශ්‍යයි,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *