අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාට ඉන් පැනයාමට සහාය දුන්බවට සැකකෙරෙන දැනට පළාගොස් ඇති පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගත් බවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ එම සැකකරුවන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවූ බවය.
මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා පළාගිය මෝටර් රථය ද මාතර ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.
එසේම අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා කොස්තාපල්වරයාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා බවද පොලීසිය පවසයි.
එම සිදුවීමට ඔවුන් ආධාර අනුබල දී ඇති බවට නිරීක්ෂණය වීමත් සමඟ මෙලෙස පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.