පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කිරීම අද

2020 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුවනවා. ඒ අනුව එහි ජාතික උත්සවය මාතලේ, නුගගොල්ල, ධර්ම ප‍්‍රදීප ප‍්‍රාථමික පාසලේදී පැවැත්වීමට නියමිතයි.

රටපුරා ඇති රජයේ පාසල් ගණන 10, 175 ක් වන අතර ඒවායෙන් පාසල් 9, 158 ක ප‍්‍රාථමික පංති පැවැත්වෙනවා. රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට වාර්ෂිකව ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව 340,000 කට ආසන්නවේ. රජයේ පාසල්වල ප‍්‍රාථමික අංශයන්හි ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් ගණන 67,357 දෙනෙක්.

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද දින සිදු වුවත් මෙම නවක සිසුන්ගේ පළමු පාසල් දිනය ලෙස සැලකෙන්නේ ලබන සඳුදා (20) දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *