මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සරට ආසන්න 13 කණුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මෙම අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ඡායාරූප Accident 1st ඇසුරින්..