පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකුණන්නේ නෑ

ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය වල අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය.

වර්තමාන රජයේ ඉදිරි ජාතික වැඩපිළිවෙල අනුව පශු සම්පත් ක්ෂේත්‍රයේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක සඳහා  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කළ අතර, ජාතික අවශ්‍යතාවයට සරිලන කිරි ඉදිරි වසර පහ තුළ  දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් සකස් කරන බව ද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *