සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව බී.බී.සී සිංහල සේවය පවසයි.
ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඇන්ටිජන් පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර ඇති බවටත් එම පුවත් සේවය වාර්තා කරයි.
විශ්වාසදායක ආරංචි මාර්ග පැවසු බව පවසමින් බී.බී.සී සිංහල පුවත් සේවය මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇති අතර එවැනි සිදුවීමක් පිළිබඳව නිල නිවේදනයක් මෙතෙක් වාර්තා වී නොමැත.