කොළඹ දේවස්ථානයක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පොලිසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් හෙළිදරව් කරන ලද විමර්ශන තොරතුරු ප්‍රතික්ෂේප කළ අගරදගුරු හිමිපාණන්, සත්‍ය හෙළි කිරීම වෙනුවට පිසූ කතාවක් ඉදිරිපත් කරන බවට පොලිසියට චෝදනා කළේය.
සිද්ධිය වූ දින උදෑසන සැක කටයුතු ලෙස හැසිරෙන ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වූ පුද්ගලයෙකු ගැන සොයා බැලීමට වඩා පල්ලියේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීම ගැන අගරදගුරු තුමා පොලිසිය විවේචනය කළේය.