චීන පර්යේෂණ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් චීනය කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පැවසුවේ, “හම්බන්තොටට නැංගුරම් ලෑමට නොහැකි වීම සම්බන්ධයෙන් චීනය විසින් කරන ලද චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරන” බවයි.
චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
චීන යාත්‍රාවක් වන Yuang Wang 5 හම්බන්තොට වරායට පැමිණීම කල් දැමීමට චීනයට දන්වා ඇති බව ශ්‍රී ලංකාව සඳුදා තහවුරු කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 අගෝස්තු 11 වන දින චීනය විසින් බදු දී ඇති හම්බන්තොට වරායට ඉන්ධන ලබා ගැනීම සඳහා නැංගුරම් ලා අගෝස්තු 17 වන දින පිටත්ව යාමට නියමිතව තිබූ බවයි.
එම යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස අමාත්‍යාංශය කොළඹ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බව එහි සඳහන් වේ.
එම යාත්‍රාව හම්බන්තොටට නැව්ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ආරක්ෂක කනස්සල්ල ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
මෙම යාත්‍රාව චීන නාවික හමුදාවේ සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වන සාගර පතුල සිතියම් ගත කළ හැකි ඔත්තු නැවක් ලෙස පෙන්වීම නිසා ඉන්දියාව කනස්සල්ල පළ කර තිබුණි.