පරවි දූපත තාවකාලිකව වසා දමයි

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ සුළගේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දුපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවත් දූපතට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවනු ලැබූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරවි දූපත ජාතික උද්‍යාන භාරකරු ආර්.පී.එස්. උඩපෝරුව මහතා පැවැසීය .

මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය යහපත් වන දිනයන් සඳහන් කිරීමට නොහැකි බවත් වර්ෂයේ එක්තරා කාලයක සිදුවන මෙම තත්වය සැලකිල්ලට ගෙන මෙම තිරණයට එළඹි බවද උද්‍යාන භාරකරු තවදුරටත් කීහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *