වාහනයක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් එක පාර්ශ්වයකට වාසි සහගත ලෙස අවසන් කිරීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටි වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් බේරී යෑමට රුපියල් දස දහසක් වටිනා මුදල් නෝට්ටු ගිල දැමීම නිසා අදාළ ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට පෙරේදා (29) දිනයේ ඇතුළත් කර තිබේ.
මේ අතර ගම්පහ ප්රධාන මහෙස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (30) නියෝග කර සිටියේ අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
වාහනයක් පිළිඹද ආරවුලක් එක් පාර්ශ්වයකට වාසි සහගත ලෙස අවසන් කිරීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් සැකකාර නිලධාරියා විසින් ඉල්ලා ඇති අතර, එම පාර්ශවය විසින් මේ පිළිඹදව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා පෙරවරුවේ වැලිවේරිය පොලිසිය වෙත ගොස් අදාළ අල්ලස් මුදල සැකකාර නිලධාරියා විසින් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් දැක බිය වූ සැකකරු රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් මෙසේ ගිල දමා තිබේ.