පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත්ව තිබූ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරු සන්තකයේ තිබීම චෙක් ජනරජයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියට අමතරව ජීවඋණ්ඩ 13 ක් සහ මැගසිනයක් ද පොලිස් බාරයට ගෙන ඇත

අලුත් කඩේ අධිකරණය සංකීර්ණයතුළදී ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදින  සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැලසුම්කරුවෙකු වු කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තා ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවනු නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු මිනුවන්ගොඩ  සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

39 හැවිරිදි  සැකකරු මිනුවන්ගොඩ  පීල්ලවත්ත පදිංචිකරුවෙකි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *